ජනාධිපතිට වවුනියාවේ දී කළු කොඩි එසවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වවුනියාවේ සංචාරයට විරෝධය පළ කරමින් ද විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.

ඒ හමුදා ගැටුම් අතරතුර අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ සභාපති ශිවනාදන් ජෙනීටා සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු විසින්.

වවුනියාව සංස්කෘතික ශාලාවේ පැවති වැඩසටහනකට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා වවුනියාවට පැමිණි අවස්ථාවේ දී ශිවනාදන් ජෙනීටා සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයා විසින් ජනපතිවරයාට එරෙහිව කළු කොඩි ඔසවා විරෝධය පළ කර තිබෙනවා.

එහි දී ශිවනාදන් ජෙනීටා සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම අත්අඩංගුවට ගැනීමත් සමඟ නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වී තිබෙනවා.

මේ අතර අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව විරෝධතාකරුවන් පොලිසියට ප්‍රකාශ කර ඇති අතර කෙසේ වෙතත්, පොලිසිය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles