ඊශ්‍රායෙල් යවනවා යැ යි සල්ලි ගැරූ හොර ලේකම් මාට්ටු

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගත් බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ගාල්ල, බූස්ස සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචි තරුණයන්ගෙන් රුපියල් ලක්ෂ 3 බැගින් මුදල් ලබාගත් බවයි සඳහන් වන්නේ.

මුදල් ලබා දුන් පුද්ගලයන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කාර්යාංශට පැමිණිලි කර තිබෙනවා. පසු මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
අද (6) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියා සිටියා.

ඊශ්‍රායලයේ කෘෂි රැකියා සම්බන්ධයෙන් මෙම සැකකරුට මුදල් ලබාදී ඇති තැනැත්තන් 0112864241 යන අංකය ඔස්සේ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles