සිය දිවි නසාගන්නා ආගමික කල්ලියේ තවත් තොරතුරු එළියට

බුදුදහම මුවාවෙන් විවිධ දේශන පවත්වමින් දිවිනසා ගැනීම ප්‍රවර්ධනය කළ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ කටයුතු සම්බන්ධයෙන් තවත් තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් වී තිබෙනවා.

දිඹුලාගල ප්‍රදේශයේ සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ ඔහුගේ තවත් අනුගාමිකයෙක්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙසේ තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

අදාළ පුද්ගලයා වසර 6ක් පමණ තිස්සේ රුවන් ප්‍රසන්න නමැත්තාගේ දේශනවලට සහභාගී වූ අයෙක්. එසේ ම රුවන් ප්‍රසන්න යන අය දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දේශන 20ක් පමණ පවත්වා තිබෙනවා. ඒ එම ප්‍රදේශයේ තාවකාලිකව නැවතී හිඳිමින්. එහිදී ඔහු තම අනුගාමිකයන්ට පවසා ඇත්තේ තමන් සෝවාන් ඵලයට පත්ව සිටින බවයි. ඔහු සිය දේශනවලදී මරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් රෝහල්ගතව සිටින පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ දේශන නිසා නොව ආර්ථික ප්‍රශ්න නිසා තමා වස පානය කළ බවයි.

ඒ අතර මෙම ආගමික කල්ලිය පිළිබඳ තොරතුරු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තා කර තිබෙනවා.

පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම ආගමික දේශනවලට සම්බන්ධ වූ අය ගැන දන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles