පර්පෙචුවල් ට්‍රෙෂරීස් තවදුරටත් තහනම්

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලද පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර සහ ක්‍රියාකාරිත්වය තවදුරටත් තහනම් බව මහබැංකුව නිවේදනය කර තිබෙනවා. ඒ තවත් මාස 6 කාලයකටයි.

ශ්‍රී ලංකා මහබැංකුව විසින් ප්‍රථමවරට ඔවුන්ගේ ව්‍යාපාර තහනම් කරනු ලැබුවේ 2017 ජූලි මාසයේදීයි. එතැන් සිට මේ දක්වා සෑම මාස 6කට වරක්ම ඔවුන්ගේ තහනම දීර්ඝ කරනු ලැබුවා.

මෙසේ තහනම දීර්ඝ කරනු ලැබ ඇත්තේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු පහසු කර ගැනීම සඳහා බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles