රනිල් හරි සූරයි – උගන්ඩා ජනපති කියයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන උගන්ඩාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය කතානායක සමුළුවට සහභාගි වීම පිණිස එරටට ගොස් තිබෙනවා.

එහිදී ඔහු උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේනි සමග සාකච්ඡා පවත්වා ඇති අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තර කරගැනීම වෙනුවෙන් එහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.

කෙටි කාලයක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව අත්කර ගත් සුවිශේෂී ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව ජනපති මුසවේනි ප්‍රශංසාව පළ කර තිබෙනවා.

මෙම සංචාරය සඳහා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පා.ම. රවුෆ් හකීම්ද එක්ව සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles