IMF ලබන සතියේ ලංකාවේ වැඩ බලන්න එයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ලබන සතියේ මෙරටට එන බව වාර්තා වෙනවා.

ඔවුන් තම පිටුබලය සහිත ප්‍රතිසංස්කරණ වැඩසටහනේ මෙතෙක් ප්‍රගතිය ඇගැයීමට ලක් කරනු ඇති බවත්, ජනපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්ත මූල්‍ය අරමුදල විසින් යෝජනා කළ ප්‍රතිසංස්කරණ අතරින් සියලු කාර්යසාධන සපුරා ඇති අතර බදු ආදායම පමණක් සපුරා ගැනීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ වසර මැදදීද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමක් ලැබීමට නියමිත බවයි දැනගැනීමට ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles