කඩ කෑම සඳහා පාලන මිලක් ඕනෑ: ජාතික පාරිභෝගික පෙරමුණ

කිරි තේ, ප්ලේන්ටි, බත් පාර්සල්, ප්‍රයිඩ් රයිස් සහ කොත්තු සඳහා වහාම පාලන මිලක් නියම කළ යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පවසනවා. මේ සඳහා පාරිභෝගික අධිකාරිය වහා පියවර ගත යුතු බවයි ඔහු පවසන්නේ.

පාලන මිලක් නොමැති වීම නිසා හෝටල් හිමිකරුවන් මෙම ආහාර සඳහා රිසිසේ අය කරන බවත්, මිල ඉහළ නංවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙයින් රැකියා කරමින් නගරවල රැඳී සිටින පිරිස ප්‍රධානව සියලු පාරිභෝකියන් අසරණව සිටින බවයි අසේල සම්පත් ප්‍රකාශ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles