බලය ගන්න බලාගෙන එන ඕන කුණුගොඩක් අපි ගන්නෑ: ටිල්වින්

බලය ගැනීමට අවශ්‍ය වූ පසු එක් වීමට පැමිණෙන ඕනෑම කුණුගොඩක් බාර ගැනීමට තමන් සූදානම් නැතැයි ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. තමන් ප්‍රමුඛ ජාතික ජනබලවේගය රට ගොඩනැගිය හැකි පැහැදිලි ප්‍රතිපත්තියක් සහිත අදූෂිත කණ්ඩායමක් සහිත දේශපාලන ව්‍යාපාරයක් බවත් ඊට කිසිදු හේතුවක් මත දූෂිතයන් එක් කරනොගන්නා බවත් ඔහු කියා තිබෙනවා.

එසේ වුවත් ඕනෑම පක්ෂයකින් එන රට ගොඩගැනීමට හිතන හොඳ මිනිස්සුන්ට ජාජබ විවෘත බවත් ඔහු සඳහන් කරනවා.

බලය ගැනීමෙන් පසු තමන් ක්‍රියාකරන ආකාරය ගැනත් ඔහු පැහැදිලි කිරීමක් කරනු ලැබුවා,

බලය ගත් පසු විශාල කාර්යභාරයක් අපට තියෙනවා. ඒ මේ රට වට්ටපු, රට වට්ටන්න අනුබල දුන්නු, අදටත් ඒ ප්‍රතිපත්තියේ ඉන්න අය එක්ක මේක කරන්න බැහැ. රට ගොඩනගන්න හැකි බලවේග එකතු කරගන්න අවශ්‍යයි. පැරණි දේශපාලන සංස්කෘතියටම නැවත පණ පොවන්න අපිට බැහැ. ඒ වගේම මේ මජර දේශපාලන ප්‍රතිපත්තිය ජනතාව ප්‍රතික්ෂේප කරනවා. බලය ඕන නිසාම එන දූෂිතයෝ මේ ව්‍යාපාරයට එකතු කරගන්නේ නැහැ.

මේ බව ඔහු ඉරිදා මව්බිම පුවත්පත වෙත කියා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles