කුසල් ජනිත් පෙරේරාට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරක්!

පොලිස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සිව් දෙනෙක් ශ්‍රී ලංකා පොලිසියට එක් වී තිබෙනවා.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා සහ චාමර සිල්වා යන දෙදෙනාට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරුද අශේන් බණ්ඩාර සහ නුවන් ප්‍රදීප් යන දෙදෙනාට පොලිස් පරීක්ෂක තනතුරුද ලබා දී ඇති අතර ඔවුන් වැඩ භාරගත් බව සඳහන් වෙනවා.

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ තරඟාවලියේ සම ශූරතාවය දිනාගත්තේ ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මෙම සිව් දෙනාට පත්වීම් ප්‍රදානය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles