හෝමාගම අහසේ විෂ දුමක්!

හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවකින් වායුවක් පරිසරයට මුසුව තිබෙනවා.

මීට මාස කිහිපයකට පෙර ගිනි ගැනීමකට ලක් වූ අදාළ කර්මාන්ත ශාලාවේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී අද (08) අලුයම දෙකට පමණ එකවර එම වායුව දුමාරයක් ලෙස වාතයට එක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

එලෙස පරිසරයට එක්ව ඇත්තේ ක්ලෝරීන් වායුව බවටයි සැක කරන්නේ. හෝමාගම කර්මාන්තපුර අහස දෙසින් සුදු පාටට හුරු දුමාරයක් පිට වූ බව පවසන ප්‍රදේශවාසීහු, ක්ලෝරීන්වලට සමාන සුවඳක් දැනෙන බවත් ඒ හේතුවෙන් හුස්ම ගැනීමට අපහසුතාවයක් දැනෙන බවත් පවසා තිබෙනවා.

එම දුමාරය ප්‍රදේශය පුරා පැතිර යාම හේතුවෙන් මුඛ ආවරණ පළදින ලෙසට සෞඛ්‍ය අංශ හෝමාගම කර්මාන්ත පුරය අවට සිටින ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ඒ පිළිබද හෝමාගම පොලීසිය විසින්ද කර්මාන්තපුරය අවට ජනතාව මේ වනවිට ද දැනුවත් කරමින් සිටින අතර එම වායු කාන්දුව අලුයම 5.30ට පමණ නතර කිරීමට ගිනි නිවීම් සඳහා ආපදා කළමණාකර ඇතුළු අදාළ බලධාරීන් කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles