හවුති කැරලිකරුවන්ට එරෙහි ශ්‍රී ලංකා යුද නැව සූදානම්

යේමනයේ සහය ලබන හවුති කැරලිකරුවන්ගෙන් ජාත්‍යන්තර මුහුදු මාර්ග ආරක්ෂා කිරීමේ සටනට එක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යුද නෞකාවක් පිටත්ව යාමට සූදානම් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය පවසනවා.

රතු මුහුද, අරාබි මුහුද, ඒඩ්න් බොක්ක සහ වෙළඳ නැව් භාවිතා කරන මුහුදු මාර්ග ආවරණය වන පරිදි ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් එම නෞකාව යෙදවෙන බව සඳහන්.

ජනපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයකට අනුව මෙලෙස නෞකාවක් ස්ථානගත කරන නමුත් එය ක්‍රියාන්විතයක යෙදෙවෙන දිනයක් මෙතෙක් තහවුරු කර නැහැ.

හවුති කැරලිකරුවන් මුහුදු මාර්ගයේ වෙළෙඳාම අවහිර කරමින් නැව්වලට පහරදීම සිදු වුවහොත් මෙරට ආර්ථිකයට එය බලපෑම් කරන බව පැවසූ ජනපතිවරයා රතු මුහුදේ ආරක්ෂාවට මෙරට නාවුක හමුදාව යෙදවීමට තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles