ජනතාවට බදු පිට බදු ගසා, ඒ මුදලින් හිටපු ජනපති-ඇමැතිවරු වරායේ ලොකු පාටි දාලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 දෙනෙක් සහ හිටපු ජනාධිපති මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසක් කුඩා ප්‍රමාණයේ නෞකා දෙකක රාත්‍රී සාදයක් පවත්වා ඇතැයි වාර්තා වෙනවා.

වරාය සම්බන්ධ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ ඉල්ලීමක අනුව මෙම කුඩා නෞකා වෙන්කර ඇති බවත් එම පිරිස සඳහා වරාය අධිකාරියේ භෝජනාගාරයෙන් සියලුම ආහාර සහ පාන වර්ග සපයා ඇති බවයි පැවසෙන්නේ.

උක්ත දේශපාලකයාගේ පෞද්ගලික ලේකම්වරියක විසින් චීස් සැන්ඩ්විච්, බටර් කේක්, ෆිෂ් රෝල්, අයිස් කෝපි, පේපර් කප්, කුඩා වීදුරු, හැදි සහ ගෑරුප්පු, කුඩා පිඟන්, පුටු (කවර සහිත) එක වර්ගයකින් 55 බැගින්, වතුර බෝතල් (පොඩි) 60 ක්, ටිෂූ පැකට් 5 ක්, ටෙන්ට් එකක් පුටු 10 ක් සහ මේස සහිත (ඇමති ආරක්‍ෂක අංශය සඳහා) ඉල්ලමින් වරාය සභාපතිවරයා වෙත ලිපියක් යවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles