යල කන්නයේ වී ඩ්‍රෝනවලින් වපුරයි

වී වගාව සඳහා ඩ්‍රෝන් යන්ත්‍ර උපයෝගි කර ගැනීමේ වැඩසටහන මෙවර යල කන්නයේ දී පළමුවරට අරඹන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

වී වගාව සිදු කෙරෙන සෑම දිස්ත්‍රික්කයකටම කෘෂි අංශ කුසලතා සභාව විසින් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඩ්‍රෝන යන්ත්‍රය බැගින් ලබා දීමට කටයුතු සුදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.

අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, පොළොන්නරුව, වව්නියාව හා අම්පාර දිස්ත්‍රික්ක සඳහා ඩ්‍රෝන යන්ත්‍ර 100ක් පළමු අදියර යටතේ ලබා දීම සිදු කෙරෙන බව කෘෂි අංශ කුසලතා සභාවේ සභාපති කාවින්ද දිසානායක පවසා තිබෙනවා.‍

දෙවන අදියර යටතේ වී වගා කරන සෑම දිස්ත්‍රික්කයකම ගොවිජන සේවා මධ්‍යස්ථාන 563කට ඩ්‍රෝන යන්ත්‍රයක් බැගින් ලබා දීමට කටයුතු යොදා ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.

රුපියල් ලක්ෂ 70ක් පමණ වන මෙම ඩ්‍රෝන යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් පළිබෝධනාශක ඉසීම, පොහොර ඉසීම, වී වැපිරීම, කුඹුරු මැනීම මෙන්ම රෝග හඳුනාගැනීම ද සිදු කළ හැකි අතර අඩු පිරිවැයකින් එම කටයුතු ඉටු කර ගැනීමට හැකි බවත් ගොවීන්ට වාසිදායක බවත් කෘෂි අංශ කුසලතා සභාව පවසා ඇති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles