ගාල්ල බන්ධනාගාරයේ කටයුතු යළි ඇරඹේ

මොළේ උණ වැළඳුණු රැඳවියන් වාර්තා වීම හේතුවෙන් සීමා කර තිබූ ගාල්ල බන්ධනාගාරයේ කටයුතු ලබන සෙනසුරාදා සිට යළි ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පසුගිය දා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොළේ උණ රෝගයෙන් මියගිය අතර තවත් රැඳවියන් අට දෙනෙකු උණ රෝග තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණා.

ඒ හේතුවෙන් බන්ධනාගාර කටයුතු සීමා කරනු ලැබුවා.කෙසේ වෙතත් මේ වන විට රෝගී වූ රැඳව්වන්ගෙන් සිව් දෙනෙකු සුවය ලබා ඇති අතර බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී.දිසානායක කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles