කෙහෙළියට එරෙහිව නැවතත් විශ්වාසභංගයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නැවතත් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සඳහන් කරනවා.

ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් වංචාවෙ මහමොළකරු  බව පෙනී යන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එය කඩිනමින් ඉදිරිපත් කරන බවයි ඔහු පවසන්නේ.

සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් කඩිනමින් කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව පරීක්ෂණ සිදු කරන්නැයි ඔහු ඇතුළු සජබ මන්ත්‍රීවරු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළා.

ගිය වර විශ්වාසභංගයේදී කෙහෙළිය රකිමින් පක්ෂව ඡන්ද 113ක් ලැබුණු බව සිහිපත් කළ මන්ත්‍රීවරයා ඔවුන්ගේ වර්තමාන ස්ථාවරයද එයමදැයි විමසා බැලීමට මෙය අවස්ථාවක් වනු ඇතැයි කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles