“ඔන්ලයින් ණය ගෙවන්න ම එපා” – සජිත්

විදේශීය ණය හිමියන් සියයට 300ක අධික පොලියට ණය ලබා දී ලාංකිකයන් ණය උගුලක සිරකරන ජාවාරමක් පටන්ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පවසනවා.

ණයකරුවන් ණය ගෙවීම දවසක් හෝ පමා වුවහොත් ඔවුන් ණය ගන්නා වූ පුද්ගලයන්ගේ සහ පවුලේ අයගේ පින්තූර සමාජ මාධ්‍යවල පළකොට විවිධ තර්ජන කරමින් පවුල් කඩාකප්පල් කරන්නට උත්සාහ කරන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මෙම ජාවාරම ගැන තමා මහ බැංකු අධිපතිවරයා දැනුම්වත් කිරීමෙන් පසු ණය උගුලට හිර වූ අය ගෙන්වා සාකච්ඡාවක් කළ බව පවසා ඇති අතර නමුත් ඒ සඳහා නීතිමය විසදුමක් මෙම ප්‍රශ්නයට ලබා දෙන්නට නොහැකි වී ඇතැයි පවසනවා.

බංකොලොත් රටේ මුදල් නැති මිනිසුන් සූරා කන්නට මොවුන් පැමිණ තිබෙන බව කී විපක්ෂ නායකවරයා මෙවැනි ඔන්ලයින් ණය වැඩසටහන්වලින් ණය ගත් කිසිම කෙනෙක් ණය ගෙවන්න එපා යැයි ඉල්ලා සිටින බවද සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles