ණය මහත්තයා ගෙදරට එනකොට අපේ මහත්තයා එළියට යනවා: ක්ෂුද්‍ර මූල්‍ය ණය ඛේදවාචකය

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැකි වූ පවුල් වල කාන්තාවන් දෙසීයකට වැඩි පිරිසක් පසුගිය වසර තුනේදී සියදිවි හානි කරගෙන ඇති බවට ‌තොරතුරු වාර්තා වන බවට රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ අද (12) දා පාර්ලිමේන්තුවේ දී පවසා තිබෙනවා.

මූල්‍ය ණය ප්‍රශ්නය පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ විවාදයේදී මන්ත්‍රීවරයා තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ,

“ණය මහත්තයා ගෙදරට එනකොට අපේ මහත්තයා ගෙදරින් එළියට යනවා. ණය මහත්තයා වාරික එකතු කරන්න එන දිනය මට කලින් දැනුම් දෙනවා. මම ඒ බව මගේ මහත්තයට කියනවා. ඉතිං එයත් බිම බලාගෙන ගෙදරින් පිටවෙලා යනවා. වාරික පහක්ම ගෙව්වේ ඒ විදිහට තමයි. මොකද වුණේ කියලා අපි දෙන්නටම හිතා ගන්නවත් බැහැ.ඒ තරමටම ක්ෂුද්‍ර මූල්‍ය ණය පීඩනය අපි විනාශයට පත්කරලා. මේ ප්‍රකාශය කියන්නේ ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක්. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ක්ෂුද්‍ර මූල්‍ය පීඩනයට ලක් වූ පුද්ගලයන් පිළිබඳව කරපු සමීක්ෂණයකදී දීපු කට උත්තරයක් විදියට. අද අප මෙම ක්ෂේත්‍රය හඳුන්වන්නේ ජීවිතය වෙනුවට මරණයට අත වනන ක්ෂේත්‍රයක් විදියට.”

මෙම ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කරන්න ආයතනයක් නොමැති අතර සංවිධාන පහක් පමණක් ලියාපදිංචි වී ඇති නමුත් රට පුරා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන දහදාහක් ක්‍රියාත්මක වෙන බවයි සඳහන් වන්නේ.

2019 – 2020 වන විට ග්‍රාමීය දුප්පත් භාවය සියයට 12.4ක්ව පැවැති අතර අද එය සියයට 30 ආසන්න බවත් එය ඉතාම ශෝචනීය තත්වයක් බවයි සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles