ඔන්ලයින් ලෝන් දුන් ආයතනයක් වටලයි

ඔන්ලයින් හරහා ණය ලබාදී එම ණය ගෙවීමට අපහසු වන විට සේවාදායකයාගේ දුරකතන තොරතුරු අනවසරයෙන් ලබාගෙන වට්ස්ඇප් හරහා අපහාස වන තොරතුරු පළ කල චීන ජාතිකයන් 5 දෙනකු සහ දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වාර්තා කරනවා.

සැකකරුවන් විසින් දෙහිවල ප්‍රදේශයේ ඔන්ලයින් මාර්ගයෙන් ණය දෙන ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි කාර්යාලයේ තිබූ පරිගණක 8 ක්, ලැප්ටොප් 13ක්, ජංගම දුරකතන 49 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීන ජාතික කාන්තාවන් තිදෙනකු, පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ එක් ලාංකිකයෙකු සිටින බව පොලිසිය වැඩි දුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles