VAT නිසා ඉන්ධන පිරවුම්හල් අර්බුදයක

ඉන්ධන පිරවුම්හල් වලින් අලෙවි කරන සෑම පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් වෙනුවෙන් ‘වැට්’ බදු ගෙවීමට ඉන්ධන පිරවුම්හල් හිමියන්ට සිදුවීමෙන් සියලුම පිරවුම්හල් දැඩි අර්බුදයකට පත්ව සිටින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ලැබෙන 3% වඩා අඩු කොමිස් මුදලින් අදාල වැට් බදු ද ගෙවා වැට් පනතට අනුකුලව බිල්පත් නිකුත්කිරිම, සැකසීම සහ මාසික වාර්තා ඉදිපත් කරන ආකාරය පිළිබඳව ගැටලුවක් මතුවී ඇති බව ඔවුන් සඳහන් කරනවා.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂක සහ ඛනිජ තෙල් රාජ්‍ය අමාත්‍යය ඩී.වි චානකගෙන් ද මෙම අර්බුදය විසඳීමට සාකච්ඡාවක් සදහා ඉල්ලිමක් කර ඇතත් ඒ සදහා සාධනීය පිළිතුරක් ලැබී නොමැති බවයි එම සංගමය පවසන්නේ.

මෙරට ඉන්ධන ව්‍යාපාරයට එක්ව සිටින සයිනොපෙක් සහ ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනහල්වලට ණය පදනම මත ඉන්ධන දෙන බවත් අමතර වට්ටම් ඇතුළු බොහෝ පහසුකම් හිමිව ඇති බවත් කියන ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කො ඉන්ධන හල් හිමියන්ට අත්පිට මුදලට ඉන්ධන ලබාගෙන වැට් බද්ද ද ගෙවා අනිකුත් සියලුම කාර්යන් ඉටුකිරිමේ හැකියාවක් නොමැති බවයි සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles