වෛද්‍යවරියන්ගේ නිරුවත රූගත කළ රෝහල් සේවකයා අත්අඩංගුවට

මහනුවර රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එම රෝහලේ උගුර, කණ හා නාසය පිළිබඳ ශල්‍ය ඒකකයේ වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරනා කුඩා කුටියක ඉතා සූක්‍ෂම ආකාරයෙන් නවීන ජංගම දුරකතනයක් සඟවා රූගත කිරීම සම්බන්ධයෙන් සැකපිටයි.

මෙම සේවකයා අදාළ ඒකකයේ සේවකයෙකු වන අතර පසුගිය 12 වැනි දා ඇඳුම් මාරු කරන ස්ථානයේ දී ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරයෙකු සූක්ෂ්ම අයුරින් ස්ථානගත කර තිබූ දුරකතනයක් දැක තිබෙනවා. පසුව මේ බව ඇය අනෙක් වෛද්‍යවරුන්ට දැනුම් දී ඇති අතර දුරකතනය පරීක්ෂා කර අයිතිකරු හඳුනාගෙන ඇති බව සඳහන්.

මෙහි ඇති වීඩියෝ පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් සොයාගෙන ඇත්තේ විවිධ වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරනු රූගත කර ඇති බවයි.

සැකකරු මේ මස (ජනවාරි) 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles