යට ඇඳුමේ පුපුරණ ද්‍රව්‍ය කොටවෙහෙරෙන් අල්ලයි

සිය යට ඇඳුමේ සඟවාගෙන පුපුරණ ද්‍රව්‍ය තොගයක් ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය පවසනවා.

කළු පාට වෙඩි බෙහෙත් ග්‍රෑම් 165, ඇමෝනියා පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 605, විද්‍යුත් නොවන ඩෙටනේටර් 2ක්, අඩි 10 සේවා නූල් 2 ක්, නීති විරෝධී ව මෙරටට ගෙන්වා ඇති දුම්වැටි 20ක් ඇය සඟවාගෙන සිටි බවයි පොලිසිය සඳහන් කරන්නේ.

යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ (19) කොටවෙහෙර පොලිසිය විසින් අදාල ලංගම බස් රථය පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම කාන්තාවගේ සැකකටයුතු හැසිරීම අනුව ඇය තවදුරටත් පරීක්ෂා කිරීමේදී යට ඇඳුමේ සඟවා තිබූ ඉහත පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය වැඩි දුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles