කොතලාවලගේ මරණ පරීක්ෂණ වාර්තාව තවම නෑ: JMO ට නොතීසි

පසුගිය දා අභාවයට පත් වූ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවලගේ මරණය සම්බන්ධ මරණ පරීක්ෂණ වාර්තාව මේ වන තෙක් අධිකරණයට ලැබී නැති බව වාර්තා වෙනවා.

එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නොතීසි නිකුත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගිය නොවැම්බර් 14 දින ඔහුගේ මරණ පරීක්ෂණයට අදාළ තීන්දුව නිකුත් කිරීමට නියමිතව තිබුණත් පශ්චාත් මරණ පරීක්ෂන වාර්තාව නොලැබ ඇති බැවින් එය කල්තැබීමට සිදුවුණා.

මරණ පරීක්ෂණය කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා දේහයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර ඇති හෙයින් එම වාර්තා ලැබෙන තෙක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සිය වාර්තා ඉදිරිපත් කිරීම ප්‍රමාද වී ඇති බව කරුණු ඉදිරිපත් කර

කෙසේ වෙතත් ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ලලිත් කොතලාවලගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳගේ සොයුරියක් වෙනත් පාර්ශ්වයකට චෝදනා කරනු ලැබුවේ එය මිනීමැරුමක් ලෙස සඳහන් කරමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles