කෝටි ගණන් වැය කර නිදහස් උත්සව තියන රටේ – පන්ති යන්න සල්ලි නැතිව දියණිය සියදිවි නහගෙන!

දැඩි ආර්ථික අසීරුකම් මැද ජීවත්වූ පවුලක පාසල් ශිෂ්‍යාවක් උපකාරක පන්ති යාමට ගාස්තු සොයාගත නොහැකිව සියදිවි නසාගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ බදුල්ලේ ප්‍රධාන පෙළේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ, බදුල්ල පුවක්ගොඩමුල්ල පදිංචිව සිටි 16 හැවිරිදි ශිෂ්‍යාවක් බවයි හෙළි වන්නේ.

මෙම හදිසි මරණය සම්බන්ඳයෙන් සාක්ෂි දුන් ඇගේ මව වන ෆව්සි ලිනායා (42) නැමැති කාන්තාව කියා සිටින්නේ, ඇගේ සැමියාට ස්ථිර රැකියාවක් නොමැති බවත් ඔවුන්ට ගැහැනු දරුවන් හතර දෙනෙක් සිටින බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඇයගේ වැඩිමහල් දියණිය වන අතර ඇයට උපකාරක පන්තිට ගෙවීමට මුදල් නොමැති වී මෙන් වැසිකිළියේ දී සියදිවි නසාගැනීමට උත්සාහ දරා ඇත.එහි දී බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගිය බවයි මව ප්‍රකාශ කරන්නේ.

මෙම මරණය සම්බන්ධයෙන් බදුල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.ඒ.සී.ලක්මාලි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ අතර ඉදිරිපත්වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදරිපත්වූ සාක්ෂි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා මෙය සිය දිවි නසා ගැනීමක් බවට තීරණය කළ බවයි සඳහන් කරඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles