ඉහළ මහලකින් වැටී පාසල් දරුවෙක් මිය යයි

මිතුරන් සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කිරීම සඳහා ගිය 14 හැවිරිදි පාසල් සිසුවෙක් ඉදි කරමින් තිබෙන දෙමහල් නිවසක පළමු මහලෙන් බිමට ඇද වැටී මරණයට පත්ව සිටින බව දොරටියාව පොලීසිය පවසනවා.

මිතුරන් සිව් දෙනෙකු සමග නිවසට යාබඳව පිහිටි ඉදි කරමින් පවතින දෙමහල් නිවසේ ඉහල මාලයේ සෙල්ලම් කරමින් සිටියදී තාවකාලිකව සකසා තිබූ ගඩොල් බිත්තියක හැපී එයද කඩාගෙන බිමට ඇදවැටීමෙන් බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත්තේ හිඳගොල්ල පදිංචි දිගම්පිටිය විද්‍යාලයේ නවවන වසරේ ඉගෙනුම ලැබු ජේ.ඒ. රවිදු සජින් පෙරේරා නැමැති සිසුවා බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles