ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ තරුණ නිළි පූනම් පාණ්ඩේ මිය යයි

ප්‍රකට ඉන්දීය තරුණ නිළියක් සහ නිරූපිකාවක් වූ පූනම් පාණ්ඩේ මිය ගිය බව අද (2) ඇගේ කළමනාකරු ප්‍රකාශ කළා. 1991 දී ඉපිද තිබෙන ඇය මිය යන විට 32 හැවිරිදි වුණා.

ඇය මිය ගොස් තිබෙන්නේ ගැබ් ගෙළ පිළිකාවකින් බවයි ඇගේ කළමනාකරු නිකිතා ෂර්මා NDTV වෙත පවසා තිබුණේ.

කෙසේ වෙතත් ඈ ඉතා නිර්භීත ලෙසින් රෝගය හා සටන් කළ බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ.

පූනම්ගේ ඉන්ටග්‍රෑම් ගිනුමේ රසිකයන් බිලියනයකට වඩා සිටි බවයි පැවසෙන්නේ. 2011 ලෝක කුසලානයේදී ඉන්දියාව ජයගත හොත් නිරුවත් වෙන බවට ඈ කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයකට ලක් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles