ඇමැති කෙහෙළිය අත්අඩංගුවට ගැනීමේ වැඩි විස්තර

වර්තමාන පරිසර අමාත්‍ය, හිටපු සෞඛ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් වන කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (2) අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ කූඨ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් රජයට මුදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සම්බන්ධ නඩුකරයට අදාළවයි.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීම මගහරිමින් සිටි අතර ඊයේ ඔහු ඒ වෙත පැමිණියේ උසාවියෙන් නියෝගයක් දුන් පසුවයි. මුදල් සහ ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනපතිවරයාගේ නියෝග උල්ලංඝනය කිරීම සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශ ආදිය ගැන පැය 11ක් පමණ ඔහුගෙන් ප්‍රශ්න කර අවසානයේදී අත්අඩංගුවට ගැනීමටයි රහස් පොලිසිය ක්‍රියා කර ඇත්තේ.

අද (03) වැනි දින මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අමාත්‍යවරයා ඉදිරිපත් කරන බවයි පැවසෙන්නේ. මේ වන විට ඔහුගේ විදෙස් ගමන්ද තහනමකට ලක් කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

ඔහු අත්අඩංගුවට ගන්නැයි රටේ බොහෝ කතාබහක් ඇති වුණා. සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක පවා නිරත වුණා. කෙසේ වෙතත් මේ අත්අඩංගුවෙන් පසු ඔවුන් සිය සතුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලදී සමරනු ද දක්නට ලැබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles