මාධ්‍යවේදී ක්‍රිකට් ගැටුම: වීරයා ලංකා ජයවර්ධන

කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් කොට්ටේ අංගම්පිටිය ක්‍රීඩාංගණයේ පසුගිය දා (03) පැවැත්වුණා.

දෙවන වරට සංවිධානය කර තිබූ මෙම ක්‍රිකට් තරඟාවලියේ ශුරතාවය දිනා ගත්තේ මාධ්‍යවේදී සුනෙත් ‍හේවාවිතාරණගේ නායකත්වයෙන් යුත් කලම්බු රෝයල් කාණ්ඩායම වන අතර අනු ශුරතාවය දිනා ගත්තේ සුසන්ත කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් කලම්බු කිංග්ස් කණ්ඩායමයි.

කණ්ඩායම් 08 ක් මෙම තරඟාවලියට ක්‍රීඩා කළ අතර තරඟාවලියේ වීරයා ලෙස කලම්බු රෝයල් කාණ්ඩායමට ක්‍රීඩා කළ මාධ්‍යවේදී ලංකා ඩී. ජයවර්ධනට කුසලානය හිමි වුණා.

එසේම එම කණ්ඩායමේ මාධ්‍යවේදී අමල් ගාල්ලගේ හොඳම පන්දු යවන්නා ලෙසත් හොඳම පිතිකරුවා ලෙස කලම්බු රයිඩර් කණ්ඩායමේ ප්‍රදීප් වික්‍රමසිංහ කුසලාන හිමි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles