රනිල් ජනපතිවරණයට වැඩ අරඹයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ දැනට ලංකා බැංකුවේ (BOC) සභාපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රමුඛ පෙළේ නීතීඥ සහ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ප්‍රධානත්වයෙන්.

එක්සත් ජාතික පක්ෂයේ (එජාප) කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන, සිරිකොත විධායක අධ්‍යක්ෂ ශාමල් සෙනරත් සහ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ක්‍රිෂාන් තියඩෝර් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වෙනවා.

එසේම ජනපතිවරයාට සහය දක්වන අනෙකුත් දේශපාලන පක්ෂ සම්බන්ධීකරණය කිරීම සහ ප්‍රචාරක කටයුතු මෙහෙයවීම රොනල්ඩ් පෙරේරා කමිටුවට පැවරී ඇති ප්‍රධාන කාර්යය වන බවයි පැවසෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිවරයා තම මැතිවරණ ව්‍යාපාරය බලමුලු ගැන්වීම සඳහා සුදුසු ස්ථානයක් සොයා ගන්නා ලෙස කමිටුවට උපදෙස් දී ඇති අතර ප්‍රචාරක කටයුතු සඳහා කළමනාකරණ සැලැස්මක් සකස් කරන ලෙස ද උපදෙස් ලබා දී තිබෙනවා.

එම කමිටුව සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීම සඳහා තවත් කණ්ඩායම් කිහිපයක් ද ජනාධිපතිවරයා විසින් පත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles