ෆීල්ඩ් මාර්ෂල්ට සජිත්ගෙන් ටොක්කක් : සජබ පුපුරණ ලකුණු!

සමගි ජනබලවේගය පක්ෂයේ ආතතිකාරී තත්වයක් පසුගිය දා ඇති වුණා. හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක සජබ වෙත එක් වීම සමගිනුයි ඒ.

එකී එක්වීම ජනරාල් සරත් ෆොන්සේකාගේ දැඩි විවේචනයට ලක් වුණා. ඔහු කියා සිටියේ, දැන් අවශ්‍ය නම් සජිත්ට ගෝඨාභයත් සජබට එක් කරගත හැකි බවයි. එසේ ම පසුගිය දා සජබ කැඳවා තිබූ විරෝධතාව ගැනද ඔහු උපහාසයෙන් කරුණු දක්වා තිබුණේ, එනවා නානවා යනවා කියමින්.

ජනරාල් රත්නායකද අදහස් දක්වා තිබුණා.

කෙසේ වෙතත්, ඊයේ (3) පැවති රැස්වීමක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පළ කර තිබුණු අදහස් අනියමින් එම පක්ෂයේ උපසභාපති වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත එල්ල කළ විවේචන බව පෙනී යනවා.

විපක්ෂ නායකවරයා කියා සිටියේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමැතිය ලත් පක්ෂ තීරණ විවේචනය කරන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

තමාට පෞද්ගලිකව බැණ වැදුණ අය පක්ෂයේ සිටියත් ඒ මත පදනම්ව පක්ෂ සාමාජිකත්වය අත් හිටුවන්නේ නැති වුවත්, කිසිවෙකු පක්ෂය හෝ පක්ෂයේ තීරණ විවේචනය කරන්නේ නම් විනය ක්‍රියාමාර්ග ගන්නේ තරාතිරම නොබලා බවයි.

දඩබ්බර දේශපාලනික චරිතයක් වන සරත් ෆොන්සේකාගේ ප්‍රතිචාරය දරුණු එකක් වනවාට සැකයක් නැහැ. කෙසේ වෙතත්, පෙනී යන කරුණු අනුව සමගි ජනබලවේගයේ පුපුරා යෑමක් අත ළඟ බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles