නවක කොස්තාපල්වරියට අතවර කළ මදන OIC ආගිය අතක් නෑ

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බව කියන කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග පරිදි එම විමර්ශන කටයුතු කටුපොත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදු කරන බවයි වාර්තා වන්නේ.

කල්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන මෙම පොලිස් පරීක්ෂකවරයා රාජකාරි අවස්ථාවලදී ලිංගික හිරිහැර සහ මූල්‍ය ගැටලු සම්බන්ධයෙන් චෝදනාවන් එල්ල වී තිබූ බව සඳහන් වන අතර වහා ක්‍රියාත්මක වන පරිදි එම පොලිසියේ ස්ථානාධිපතිවරයාව උතුරු මැද පළාතට ස්ථාන මාරු කිරීමට එවකට හිටපු පොලිස්පතිවරයා කටයුතු කර තිබුණද දේශපාලන බලපෑම් මත එම ස්ථානමාරුව අවංලගු කර ගැනීමට ඔහු සමත්ව ඇතැයි පැවසෙනවා.

පසුගිය දිනක ද තම පොලිස් ස්ථානය තුළදී ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමට කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා උත්සාහ දරා ඇති බවත් එම සිද්ධියට මුහුණ දුන් ආධුනික පොලිස් කොස්තාපල්වරියක් ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයකුට දැනුම් දී මෙන් පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් ඉකුත් 29 වැනිදා කටුපොත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය භාර පොලිස් පරීක්ෂකවරියක් සිද්ධියට සම්බන්ධ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම කල්පිටිය පොලිසියට පැමිණියද ඒ වන විට පොලිස් ස්ථානාධිපතිවරයා අසනීප නිවාඩු වාර්තා කර පොලිස් ස්ථානයෙන් පිටතට ගොස් ඇති බවත් ඔහු මේ වන විට කුමන ස්ථානයක රැඳී සිටිනවාද යන්න සොයා ගැනීමට විමර්ශන කටයුතු සිදුකරන නිලධාරින්ට නොහැකි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles