කන්දකාඩු රැඳවියන්ට ඇමැති විජයදාසගෙන් තරවටුවක්

පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රැඳවියන් ඉදිරියේදී ද කළහකාරී ලෙස කටයුතු කළහොත් ඔවුන් එම මධ්‍යස්ථානවලින් ඉවත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළු වීමෙන් එහි නිතර නිතර ගැටුම් ඇතිවන අවුල් සහගත තත්වයක් නිර්මාණයවී ඇති බවත් ඒ පිරිසට අවශ්‍ය වී ඇත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles