ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රැඳවියෙකුගේ මරණයක්

ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් ඉන් එක් රැඳවියෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

අද (06) දා මෙම රැඳවියා මිය ගොස් ඇති අතර ඔහු ත්‍රිකුණාමලය, කින්නියා, මහරැප් නගර් පදිංචි මොහොම්මදු අලී උවයිස් මොහොම්මදු උභයතුල්ලා නැමැති අයෙක් බවයි සඳහන් වන්නේ.

පසුගිය (02) දා මෙම පහර දීම සිදුව ඇති අතර එහිදී හිසට සිදුවු ප්‍රහාර හේතුවෙන් තුවාලකරු ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles