කෙහෙළියට කෑම ගෙදරින් ලැබෙයි

ව්‍යාජ ඖෂධ වංචාව සම්බන්ධ නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත නිවසේ පිළියෙල කරන ආහාර ලබා දීමට අවසර ලබා දී ඇති බව වාර්තා වෙනවා.

තම අසනීප තත්වයන් හේතුවෙන් ලබා දිය යුතු ආහාර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බැවින් නිවසේ පිළියෙල කළ ආහාර ලබා ගැනීම වෙනුවෙන් ඔහු බන්ධනාගාරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීමට වෛද්‍ය අනුමැතිය ලැබීම නිසා ඊයේ (5) දින සිට අමාත්‍යවරයාට නිවසේ පිළියෙල කරන ආහාර ලබා දෙන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles