කංසා පුවත බොරු – ඩයනා කියන ඒවා අපි දන්නෑ : බන්දුල

ඊයේ දිනයේ (5) වාර්තා වූ ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළ පුවතට අදාළ කිසිදු කැබිනට් පත්‍රිකාවක් කැබිනටි මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මේ පිළිබඳව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඊයේ පවසා සිටියේ ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරිය කැබිනට් ඇමතිවරියක් නොවන බැවින් ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් වගකීමක් බාරගනොගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles