ජනපති වූ පසුව මන්දිරවලට කරන දේ සජිත් කියයි

නිදහස් දින උත්සවයට රටේ පොදු ජනයාට සහභාගි විය නොහැකි ලෙස තහනම් කර තිබේ නම් එම රටේ ඇති නිදහස කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරනවා.
පාරවල්වල බැරියර් දමා ජනතාවගේ නිදහස නැති කර සමරන නිදහස විහිළුවක් බවයි ඔහු පවසන්නේ.

ප්‍රකෝටි ගණන් වියදම් කර නිදහස් උත්සව පවත්වන මුදල්, රටේ පාසල් දියුණු කරන්නට වත්මන් පාලකයන් ක්‍රියා නොකරන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

එසේම, රටේ ඇති මන්දිර තම රජයක් යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් නවීන තාක්ෂණය උගන්වන සරසවි බවට පත් කරන බව පවසන ඔහු 2024 මන්දිර සිහින තබා නොගන්නා ලෙස අනෙක් පක්ෂ නායකයන්ට කියා සිටිනවා.

2 COMMENTS

  1. අනේ මචං නිකන් ඉදින් උඹත් අනික් උන් වගේ තමයි…එනකන් හීන ගොඩක් මවලා අන්තිමේ ආවම වෙන මනුස්සයෙක් වෙනවා…..🤔

    • හොඳම චාටර් කාළයක් එනව ලංකාවෙ වුණ්ට, තාත්තට වැඩිය ගේමක් දෙනවා. මූට දෙන්නත් එපා දීල ඉල්ලන්නත් එපා කියල තමයි කියන්න ඇත්තෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles