ජනපතිගෙන් සජබට කොළ එළියක්: මන්ත්‍රීවරු බා ගැනීමේ පෙර ලකුණක් ද?

නව වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සභාවාරය අද ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ඇරඹුණා.

එහිදී ජනාධිපතිවරයා සභාව අමතමින් කතා කරනු ලැබුවා. ඔහු ප්‍රකාශ කළේ කඩා වැටී තිබුණු ආර්ථික අර්බුදයෙන් කෙමෙන් කෙමෙන් රට ඉහළට ගන්නට සමත් වූ බවයි. තම දේශපාලනය ගැන සිතා නොව රට ගැන සිතා තමන් තීන්දු තීරණ ගත් බව ජනපතිවරයා තවදුරටත් පැවසුවා.

කෙසේ වෙතත් ඔහුගේ කතාව අවසානයේ මෙසේ පැවසීම එක්තරා ආකාරයෙන් සමගි ජනබලවේගයට තමා හා එක්ව කටයුතු කරන ලෙස කළ ඇරැයුමක් බව පෙනී යනවා. එම කොටස පහතින්,

මාව දැඩි ලෙස විවේචනය කළ අය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේ. නමුත් රටේ යහපත වෙනුවෙන්, තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් පොදුජන පෙරමුණේ බහුතරය පැරණි එදිරිවාදිකම් අමතක කළා. පොදු මතයට එකඟ වුණා. සමගි ජනබලවේගයේ ඉන්නේ මා සමගින බොහෝ කලක් එකට දේශපාලනය කළ මම දේශපාලනයට හඳුන්වා දුන් අය.. පොදුජන පෙරමුණට එහෙම කරන්න පුළුවන්, නම් සමගි ජනබලවේගයට එහෙම කරන්න බැරි ඇයි..?

කෙසේ වෙතත්, මේ අවස්ථාවේ ජනපතිගේ කතාවට විරෝධය පළ කරමින් සජබ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් හැරෙන්නට සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් ිපිටව ගොස් තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles