ආනන්දසාගර හිමිට ගම්මුන්ගෙන් ගුටි පූජාවක් : එස්.එම්. චන්ද්‍රසේනටත් චෝදනා

පාහියන්ගල ආනන්ද සාගර හිමි ඇතුළු පිරිසක් රාජාංගනය යාය 18 ප්‍රදේශයේ දී ප්‍රහාරයකට ලක් වී ඇති බව වාර්තා වෙනවා.

ඒ ඊයේ (6) දින එම ප්‍රදේශයට ගොස් කෝමාරිකා වගාවක් මුවාවෙන් විල්පත්තු කැළය විනාශ කරන්නේ දැ යි බැලීමට ගිය අවස්ථාවේදී යි.

ගම්වාසීන් එම පිරිසට පහර දී ඇති අතර මෝටර්රථයකට ද අලාභහානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ආනන්ද සාගර හිමියන් පවසන්නේ තමන් ඇතුළු හිමිවරු පිරිස එහි ගියේ, කෝමාරිකා වගාව මුවාවෙන් විල්පත්තු ප්‍රේරණ කලාපයට හානි සිදුකරන්නේදැයි බැලීමට බවයි. එහිදී තමන් ඇතුළු පිරිසට වටකර පහරදුන් බව උන්වහන්සේ චෝදනා කරනවා. මෙම වන විනාශය ගැන විරංජිත් තාඹුගලට සේ ම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේනටද උන් වහන්සේ චෝදනා කරනු ලැබුවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles