බස්වල කාන්තා හිරිහැර හොයන්න රහස් කැමරා

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී කාන්තාවන්ට විවිධ අතවර සහ ලිංගික හිංසන සිදු කරන පුද්ගලයන්ට විරුද්ධව නිතීය ක්‍රියාත්මක කර නීතියේ රැහනට හසු කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර මේ බව සඳහන් කර තිබෙනවා.

ඇය මේ පිළිබඳ වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ රහසිගත කැමරා සහිතව පොලිස් නිලධාරිනියන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් 234ක් ඊට අනුයුක්ත කර ඇති බවයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අතර කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් 109 ක්ෂණික අංකයට ඕනෑම කෙනෙකුට තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවද තවදුරත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles