සනත් අබියසම බිඳ දැමූ සනත්ගේ වාර්තාව

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියේ පළමු එක් දින තරගය ඊයේ (09) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර එක්දින ක්‍රීඩාංගණයේදී සවස 2.30ට ආරම්භ වුණා. කාසි වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් යුගලය, පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පළමු කඩුල්ලට ලකුණු 182ක සබඳතාවක් ගොඩනගනු ලැබුවා. යළි ලකුණු අතරට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88ක් ලබාගත්තා.

2000 වසරේදී ලකුණු 189ක් රැස් කරමින් සනත් ජයසූරිය තබා තිබූ වාර්තාව පැතුම් නිශ්ශංක බිඳහෙලනු ලැබුවේ වේගවත් පිතිහරඹයක නිරතවෙමින්. 

එතැනින් නොනැවතුණු ඔහු ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට නොනවතින ප්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 200යේ සීමාව ඉක්මවා ගියේ ද්විත්ව ශතයක් ලබාගත් පළමු ශ්‍රී ලංකික ක්‍රීඩකයා බවට වාර්තා අතරට එක් වෙමින්. ඇෆ්ගනිස්ථාන පන්දු රකින්නන් ප්‍රේක්ෂකයන් බවට පත්කරමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 139කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 210ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 20ක් ඇතුළත් වුණා.

සදීර සමරවික්‍රම ලකුණු 44ක් රැස් කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 3ක් දැවී ලකුණු 381ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගන් ක්‍රීඩකයන්ට කඩුළු 6ක් දැවී ලබා ගැනීමට හැකිවුනෙ ලකුණු 339ක් පමණි.

  • රුවන්ත රන්දික

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles