ඔන්ලයින් පණත යටතේ පළමු අත්අඩංගුවට ගැනීම?

සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඔහු සඳහන් කළේ අදාළ සැකකරු දේශපාලනඥයකුගේ සහය ඇතිව ද්වේශ සහගත ලෙස මෙම මඩ ප්‍රචාර ගෙන ගොස් ඇති බවයි.

“ඔහු සමාජ මාධ්‍ය හරහා අපිට මඩ ගැහුවා. අත්අඩංගුවට ගන්නා විට රුපියල් 400,000ක විදේශ මුදල් තිබුණා. මේ නිසා තමයි අපි අන්තර්ජාල ආරක්ෂණ පනත ගෙනාවේ. ආණ්ඩු වෙනස් කිරීමට පවා මේ ව්‍යාපාර යොදා ගත හැකියි.”

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සෙනසුරාදා (10) පානදුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම නම් ඉදිරියේදී හෙළි කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles