ළමා චර්ම රෝග වැඩිවීමක් : කළ යුතු දේ විශේෂඥ වෛද්‍යවරයා කියයි

මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

මෙම තත්ත්වයෙක් දරුවන්ට දැඩිව බලපාන අතර හතිය වැනි රෝග ලක්ෂණ සහිත දරුවන්ට වුවත් මේ දිනවල නෑමට අවස්ථාව ලබාදිය යුතු බව වෛද්‍යවරයා සඳහන් කරනවා.

මේ දිනවල දිනකට දෙපාරක් හෝ නෑමට ඉඩ ප්‍රස්ථාව දරුවන්ට ලබාදිය යුතු බවත් චර්ම රෝග ඇති අයෙක් නම් උදෑසනට හා රාත්‍රීයට විනාඩි 20ක පමණ කාලයක් ජලයේ සිටීමෙන් එම තත්ත්වය යම් දුරකට පාලනය කරගත හැකි බවයි වෛද්‍ය දීපාල් කියා සිටින්නේ.

ක්‍රීඩා කටයුතු කිරිමේ දී ද දරුවන්ට ගෘහස්ත ස්ථානයක් ලබාදීම ප්‍රායෝගීක බවත් නිසි පරිදි ජලය හා දියර වර්ග පානය කිරීමට ලබානොදීමෙන් තාප කම්පන තත්ත්වයන්ට පත්ව මරණ පවා ඇති විය හැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles