මෛත්‍රී ඇමෙරිකා යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (12) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔහුගේ මෙම විදෙස් සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය වන ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සිදුවන බවත් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ යටතේ නව සන්ධානයක් බිහිකිරීමට පියවර ගැනීමට කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් ධුරය ලසන්ත අලගියවන්න දරණ අතර එම පක්ෂයේ එම ධුරයේ සිට සියලු තනතුරු වෙනස් වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles