ජනපති එජාප තරුණ බලකාය කැඳවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා එක්සත් තරුණ බලකාය අතර හමුවක් පිටකෝට්ටෙි සිරිකොත එජාප මූලස්ථානයේ දී පවත්වා තිබෙනවා.

මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත්තේ තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු පිළිබඳවත් ඒවාට ලබා දිය හැකි විසදුම් හා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කරටයුතු සඳහා ඔවුන්ගේ සහය ලබා ගන්නා අකාරයත් පිළිබඳවත් අවධානය යොමු වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සහ අවශ්‍යතාවයන්ට ගැලපෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට ඉදිරි ජනාධිපතිවරණයේදී හැකි බවත් මෙහි දී සාකච්ඡා කර තිබෙනවා.

මෙම අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, උප නායක අකිල විරාජ් කාරියවසම්,සභාපති වජිර අබේවර්ධන, කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන යන අය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී සහභාගී වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles