විදුලි අධිකාරීට පහර දුන් හිටපු පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

හොරණ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට කඩා පැන එහි වාණිජ අංශයේ විදුලි අධිකාරිවරයාට පහර දී සැඟව සිටි හොරණ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී නලින් චින්තක අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙම පහරදීමට සම්බන්ධ අනෙක් සැකකරු වන මෙම කාර්යාලයේ සේවය කරන රියදුරා මෙයට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles