ප්‍රේමයෙන් පරාද වූ පෙම්වතී පෙම්වතාට පිහියෙන් අනී

පෙම් සබඳතාවක් කෙළවර වීම නිසා සිත් තැවුළට පත් තරුණියක් ඇගේ පෙම්වතා වන තරුණයෙකුට පිහි පහර එල්ල කර තිබෙනවා. තුවාළ ලැබූ තරුණයා ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මේ දෙදෙනා කාලයක් තිස්සේ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ටික දවසක පටන් පෙම්වතා සිය පෙම්වතියව මගහැර තිබෙනවා.

මේ බව දැනගත් තරුණිය දෙදෙනාගේ ඡායාරූප ෆේස්බුක්හි පළ කර ඇති අතර එයට තරුණයා විරෝධය පළ කර තිබෙනවා.

මෙම ගැටුම විමසීමට තරුණියගේ මව සහ සහෝදරයා තරුණයාගේ මත්ස්‍ය වෙළෙඳසැල වෙත ගිය අවස්ථාවේ පෙම්වතා විසින් තරුණියගේ සොයුරාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සඟවාගත් පිහියක් ඇදගත් තරුණිය එයින් තම පෙම්වතාට ඇන තිබෙනවා.

තරුණිය 19 වියැති වන අතර තරුණයාගේ වයස 22ක්.

තරුණිය ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිසිය පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles