වැලන්ටයින් දා පැරණි පෙම්වතාට අමුතු තෑග්ගක් – නිරුවත් කර කකුල් කඩලා

ඊයේ පෙම්වතුන්ගේ දිනයේ දී කාන්තාවක් තම සැමියා ලවා, රවටා පැරැණි පෙම්වතා ගෙන්වා නිරුවත් කර ඔහුගේ කකුල් දෙකම කඩා දැමිමේ සිද්ධියක් ගාල්ල පොලිසියෙන් වාර්තා වෙනවා.

දොඩන්දූව ප්‍රදේශයේ තරුණියක් හික්කඩුව කලුපෙ පදිංචි තරුණයකු සමග මෙයට වසර 10කට පමණ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර පසුකාලයේ එම අදාළ කාන්තාව වෙනත් පුද්ගලයෙකු සමඟ විවාහ වී ඇති නමුත් ඇයගේ පැරණි පෙම්වතාගෙන් නිරන්තරයෙන් දුරකතන ඇමතුම් ලැබී තියෙනවා. එම කරදරයෙන් මිදිමට ඇගේ සැමියා විසින් ඇයට පවසා ඇත්තේ පැරණි පෙම්වතාට දුරකතන ඇමතුමක් ලබා දී දඩල්ල මුහුදු වෙරළට එන ලෙස පවසා තිබෙනවා.

එලෙස පැමිණි අවස්ථාවේ පැරණි පෙම්වතාට එම කාන්තාවගේ සැමියා විසින් යකඩ පොල්ලකින් ගසා ඔහුගේ පාද දෙකම කඩා නිරුවත් කර දමා පළා ගොස් තිබෙනවා.

මුහුදු වෙරළට පැමිණි අයෙකුට අහම්බෙන් විලාප ශබ්දයක් කණ වැටී සොයා බැලීමේ දී මේ තුවාල ලද පුද්ගලයා හමුවී තිබෙනවා. මේ සම්බන්ධ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකව පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles