ජනාධිපතිවරණය ජය ගන්නේ කවුද? සමීක්ෂණ ගැන සජබෙන් ප්‍රකාශයක්

තමන් ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බවට ඇතැම් පක්ෂ ව්‍යාජ සමීක්ෂණ ඉදිරිපත් කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා පවසනවා.

සමාජ මාධ්‍ය තුළ හැමදාම ජයගන්නේ එම පක්ෂය පමණක් නමුත් මැතිවරණයෙන් ලැබෙන්නේ ඉන් වෙනස් ප්‍රතිඵල බවයි ඔහු විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

සමාජ මාධ්‍යයේ හතු පිපෙන්නාක් මෙන් සමීක්ෂණ වාර්තා එළියට එන බවත් එම දත්ත වාර්තා අසත්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අවධාරණය කල අතර සමීක්ෂණ වාර්තාවල පෙන්වන වාර්තා දත්තවලට නියැදි සහ තොරතුරු ගන්නේ කෙසේද යන්න පැහැදිලි නොමැති බවත් ඔහු පෙන්වා දෙන්නේ.

එසේම , සමගි ජන බලවේගයේ මැතිවරණ යාන්ත්‍රණය ආරම්භ වීමෙන් පසු මෙවර මැතිවරණයෙන් ජයගන්නේ කවුදැයි සොයාගත හැකි වනු ඇති බව ද ඔහු පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles