ගැටුමක් බේරන්න ගිය අයෙකුට අවාසනාවන්ත ඉරණමක්

පුත්තලම නගරාසන්න හොරෝයිෂන් පාක් ගම්මානයේ  නිවසක පැවැත්වුණ උපන් දින සාදයක් අතරතුර සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගිය දෙදරු පියකු පිහි ඇනුමකින් බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර සිටියදී ඊයේ (18) මරණයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

පොලිස් ආරංචි අනුව, පෙරේදා ( 17 ) කුඩා දරුවෙකුගේ උපන් දින සාදයක් අතරතුර කාන්තාවක් සම්බන්ධයෙන් එම උපන් දින සාදයට එක්ව සිටි සහෝදරයින් දෙදෙනෙකු ආරවුලක් ඇති කර ගෙන ඇති බවත් ඉන් පසුව මොවුන් දෙදෙනා අතර ගුටි බැට හුවමාරුවක් ඇති වූ විට එය වැලැක්විමට මරණයට පත් තැනැත්තා කටයුතු කර ඇති බව දැනගැනීමට ලැබෙනවා.

මිය ගිය තැනැත්තා ජී.ජී. අමිත් මධුරංග නමැති 38 වියැති දෙදරු පියෙක් බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles