ජාතික ජනබලවේගයට පහරදීගෙන දඹර අමිල හිමි මතු වුණ අලුත් ම වේදිකාව

දඹර අමිල හිමි යනු කාලයක් තිස්සේ මෙරට දේශපාලන ලෝකයේ ක්‍රියාකාරී වූ හිමි නමක්. ඒ හිමියෝ දීර්ඝ කාලයක් පුරා බොහෝ ලැදිව ක්‍රියාත්මක වුණේ ජනති විමුක්ති පෙරමුණට බව බොහෝ දෙනා දන්නා කරුණක්.

පසුගිය කාලයේ දේශපාලන වශයෙන් නිහඬ වූ දඹර අමිල හිමියෝ කලින් දේශපාලන ස්ථාවරයන්ට වඩා බොහෝ වෙනස් තැනකින් යළි මතු වී සිටිනවා.

ඒ සමගි ජනබලවේග වේදිකාවෙනුයි. එහිදී කතාවක් කළ අමිල හිමියෝ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය විවේචනය කරන්නට අමතක කළේ නෑ. රටක් පාලනය කිරීමට පළපුරුද්දක් නැති අයට රට භාර දීමෙන් ගෝඨාට බලය ලබා දී පත් වුණ ඉරණම යළි අත්විය හැකි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති භික්ෂු උපදේශක සභාවේදී අමිල හිමියන් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles