මම යන්නෙ නෑ – බෙල්ලන

ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැය 6ක පමණ කාලයක් ඔහුගේ කාර්යාලයේ අඩස්සිගතව රඳවා තබා ගැනීමට එම රෝහලේ කණිෂ්ඨ සේවකයන් ක්‍රියා කරනු ලැබුවා.

ඒ ඔහු කළැයි කියන ප්‍රකාශයකට විරෝධය පළ කිරීමටයි. එම විරෝධයෙන් සේවකයන් කියා සිටින්නේ බෙල්ලන සේවයෙන් ඉවත් විය යුතු බවයි. ඔහු සේවයට පැමිණෙන්නේ නම් තමන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

කෙසේ වෙතත්, වෛද්‍ය බෙල්ලන කියා සිටින්නේ, තමා කිසි විටෙකත් තම කාර්යාලයේ සිර වී නොසිටි බවයි. එසේ ම සේවකයන් කිහිප දෙනෙකු විරෝධය පළ කළාට තමා ඉල්ලා අස් නොවන බවත් ඔහු පවසා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles